Tuesday 11 June 2013

ඇතුවත් බැරි-නැතුවත් බැරි රැවුල

පිරිමින් සහ ගැහැනුන් මුහුණෙන් වෙන් කර ගත හැකිවන්නේ රැවුල නිසාය. පිරිමින්ගේ මුහුණේ රැවුල වැවෙන අතර ගැහැනුන්ගේ මුහුණේ රැවුල වැඩෙන්නේ නැත. එසේ වුවද කලාතුරකින් ගැහැනුන්ගේ මුහුණේ රැවුල වැවෙන අවස්ථා තිබේ. රැවුල වැඩීම පිරිමි බවේ ලක්ෂණයකි. පිරිමියකුගේ මුහුණේ රැවුල නැති නම් ඔහු ගැහැනියකු වගේ යැයි කියයි. රැවුල වවන කෙනෙක් නැත. එය ඉබේම වැවෙයි. සාමාන්‍ය වැඩුණු පිරිමියකුගේ මුහුණේ හතරැස් අඟල් 40ක පමණ ප්‍රමාණයක රැවුල් ගස් විසිපන්දහසක් පමණ ඇතැයි ගණන් බලා තිබේ. පැය විසිහතරක කාලයක් තුළ රැවුල වැඩීමේ ප්‍රමාණය අඟලකින් සියෙන් 12-3එකක් පමණ වේයැයි කියයි.  රැවුල් ගස්  ඉතාම ශක්තිමත් වන අතර ඒවා තඹ, ඊයම් හෝ තුත්තනාගම් තරමටම තද වන්නේය. එක් මිනිසකු ස්වකීය ජීවිත කාලය තුළ රැවුල වැවීම වෙනුවෙන් වැය කරන ශක්තිය රාත්තල් සියයක බරක් ඔසවා ගෙන පඩි සියයක් නැගීමට තරම් වේයැයි  කියනු ලැබේ. නෑ හැටියට නිදහසේ රැවුලට වැඩීමට ඉඩදීම එය අයිතිකරුට කරදරයකි. එසේම  එය ශරීර සෞඛ්‍යයටද අහිතකරය. ඒ නිසා රැවුල කැපිය යුතුය. එහෙත් රැවුල කැපීමේ සටනින් කෙදිනකවත් එහි අයිතිකරු දිනන්නේ නැත. එයට හේතුව කොතරම් කැපුවත් 12-1රැවුල වැවෙන නිසාය. මිනිසා කවදා රැවුල කපන්නට පටන් ගත්තා දැයි  කියන්නට නිශ්චිත සාක්ෂි නොමැත.  එසේ වුවද රැවුල කැපීමේ ඉතිහාසය මිනිසාගේ සම්භවය තරම්ම පැරණිය. මිනිසා වනචාරි යුගයේදී පවා රැවුල කැපීම කළ බවට සාක්ෂි ඇත. නොදියුණු මිනිසා ඒ සඳහා යොදා ගෙන ඇත්තේ මුවහත් කළ ගල්පතුරු විශේෂයකි. මිසරයේදී හමුවූ පාෂාණ යුගයට අයත් මෙම ගල්පතුරු අවුරුදු 5000කටත් වඩා පැරණි බව සොයා ගෙන ඇත. මේ අනුව ඉතාම ඈත අතීතයේ පවා මිසරයේ ජනතාව රැවුල බූගා සිටි බව සනාථ වේ. බයිබලයේ පරණ තෙස්තමේන්තුවේ සඳහන් වන  අන්දමට පාරාවෝගේ සිහිනය  තේරීමට ප්‍රථම ජෝෂප් රැවුල බූගා තිබේ. ක්‍රි. පූ. වර්ෂ 1000 දී පමණ රැවුල බෑමට පාවිච්චි කළා ලෙස සැලකෙන උපකරණයක් ලන්ඩනයේ තේම්ස් නදියෙන් සොයා ගෙන ඇත. එය මැදින්  12-5සිදුරක් විද්ද සිලින්ඩරාකාර ගල් වර්ගයකි. රැවුල පිළිබඳ ඉතිහාසය සලකා බලන විට ලොව විවිධ රටවල විවිධ ජාතීන්  රැවුල බෑම පිළිබඳ  නොයෙක් චාරිත්‍ර පවත්වාගෙන ගොස් ඇති බවට සාක්ෂි තිබේ. සමහරුන්  රැවුල  මුළුමනින් බූ ගා සිටි අතර ඇතැමුන් විවිධ ක්‍රම උපයෝගි කර ගෙන රැවුල කැපීම හෝ වැඩීම පාලනය කරගෙන සිට ඇත. චීන ජාතිකයන් රැවුල  ඉගිල්ලීමේ ක්‍රමයක් පවත්වාගෙන ගොස් ඇති අතර සමහර අප්‍රිකානු ගෝත්‍රිකයන් රත් කළ තැටියක් යොදාගෙන  කෙටිවන සේ පුළුස්සා තිබේ. එසේම ලොව බොහෝ රටවල නොදියුණු ජාතීන් රැවුල මෙල්ල කිරීම සඳහා උණපතුරු, මෝරදත්, වීදුරු කටු හා ගිනිගල් ආදී ආයුධ පාවිච්චි කර ඇත.
රැවුල බෑම මෙන්ම වැඩීමද කෙනෙකුගේ තේජාන්විත භාවය විදහා දක්වයි. යටි රැවුල වැවීම කෙනෙකුගේ ඇසූපිරූ තැන් ඇති බව, උගත්කම්, දාර්ශනිකත්වය සංකේතවත් කරන අතර, උඩු රැවුල වැවීම නිසා තේජාන්විත භාවය ඔප් නැංවෙන  බව පිළිගනී. රැවුල වවා  යටි රැවු‍ලේ  ගැටයක් ගසා තිබිම නිසා බුද්ධිමත් බවත් ආරෝපණය කරන බවටද පිළිගැනීමක්  ඇත.
රැවුල වැවීම මෙන්ම රැවුල උපයෝගි කර ගෙන විවිධ මෝස්තර විලාසිතා නිරූපණය කිරීමටද ඇතැම් ජාතිකයන් උත්සහ ගැනීම නිසා රැවුල  කලාවක් බවට පත් වී තිබේ. රැවුල මුළුමනින්ම ඉවත් කළ අය “මුඩුමයා” යනුවෙන්  සමාජයේ අවඥාවට පාත්‍ර කිරීමෙන් රැවු‍ලේ ඇති වටිනාකම දෙස්දේ. “නිවට ආචාරියා දුටුවිට එළුවත් රැවුල පානවා” යැයි යන කියුම්වලින් කෙනෙකුගේ ඇති දුර්වලකම්වලට පහර ගසයි. රැවුල මුඩු කිරීම නිසා පිරිසිදුකම ඇතිවන අතර ඒ නිසාම බෞද්ධ භික්ෂූන්ට රැවුල සහ හිස මුඩු කරන ලෙස නියම කර තිබේ. එසේම මොහොමඩ් නබිතුමා ස්වකීය ඉස්ලාම් ලබ්ධිකයන්ට රැවුල සම්පූර්ණයෙන් මුඩු කරන ලෙස නියෝග කර ඇත. සතුරන්ට යමෙකුගේ  රැවුලෙන් අල්ලා මෙල්ලකර ගැනීමට පහසු නිසා මහා ඇලෙක්සැන්ඩර් රජතුමා සිය හමුදාවේ සාමාජිකයන්ට රැවුල වැවීම තහනම් කර ඇත. රුසියාවේ මහා පීටර් රජතුමා රැවුල් බද්දක් පනවා ඇති අතර එක එක අයගේ රුවු‍ලේ ප්‍රමාණය අනුව මෙම බද්ද අඩු වැඩි විය. මුලින් ගල්පතුරුවලින් හා වීදුරු කැබැලිවලින් රැවුල් කැපූ මිනිසා තාක්ෂණික ලෙස දියුණු වෙත්ම රැවුල බෑම සඳහා මුල් වරට දැලිපිහියා   නිපදවීම ඇරඹුවේය. ඒ 19 වන සියවසේදීය. මුලින්ම තැනූ  දැලිපිහිය සාමාන්‍ය පිහියක්  තරමට විශාල වූ අතර පසුව එය අඟල් දෙක, තුනක් තරමට කුඩා වනසේ විකාශනයට භාජනය  වී ඇත. 19 වන සියවසේ මුල් භාගයේදී  අද පවතින රේසරය ලොවට හඳුන්වා 12-4දුන්නේ “කිං කූම්ප් ගිලට්” නමැති  ඇමෙරිකානු  ජාතිකයා විසින්ය. ඔහුට ගෞරව කිරීමක් වශයෙන් රේසරයට ගිලට් යන නම අද දක්වාම භාවිත කෙරේ. 1930 දී පමණ “පික්” නමැති තවත් ඇමරිකානු ජාතිකයෙකු විසින් නූතන විදුලි රේසරය ලොවට හඳුන්වා දෙනු ලැබිය. මෙම දියුණු විදුලි රේසරයට තල කිහිපයක් සවිකර ඇති අතර ඒවා සමේ අඟලෙන් දෙදහසින් පංගුවක් පමණ ගැඹුරට වැදි විනාඩියකට 17000 පමණ වාරයක් භ්‍රමනය වෙමින්  රැවුල බූ ගා දමයි. දැනට ලොව විවිධ රටවල  රැවුල කපන උපකරණ  300ක් පමණ භාවිතා කරන බව සොයාගෙන ඇත. මෙම සරල උපකරණ නිසා මුලදී මහා වදයක් බවට පත්ව තිබූ රැවුල කැපීම අද වන විට  සරල විනෝද ක්‍රීඩාවක් බවටද පෙරළී ඇත. නොදියුණු යුගවල ඇතැම්  අයට රැවුල බෑම සඳහා දවසේ පැය 4-5ක් ගත කරන්නට සිදුව තිබුණු නමුත් අද නවීන තාක්ෂණය අනුව විනාඩියකින් දෙකකින් මුහුණට නොදැනී රැවුල  මුඩු කිරීමට හැකියාව ලැබි ඇත.
දිනකට රැවුල කැපීම සඳහා ඇමෙරිකාවේ බාබර් සාප්පුවල අපතේ යන ශ්‍රමය, කාලය හා මුදල් එකතු කළහොත් එය පැනමා ඇළ දින හතරකින් කපා නිම කිරීමට සෑහේයැයි කියනු ලැබේ. රැවුල ගිනි ගන්නාක් මෙන් ඒ මේ අත දුවන අය මෙන්ම, රැවුලෙන්  සුරුට්ටු පත්තු කිරීමට උත්සහ කරන්නන් සේම, රැවුලත් කැඳත් දෙකම බේරා ගැනීමට වෙර දරන  අයගෙන් අද ලෝකය පිරී ඇති බව පැවසිය හැකිය.
යසවර්ධන රුද්රිගු

No comments:

Post a Comment