චිලි සමාජවාදී ව්යාපාරය තුල සිය හඩ අවදි කරමින් ජනතාව පුබුදුවාලු ජනතාවාදී කලකරුවෙකි , වීප්ලවවාදියෙකි ,


චිලි සමාජවාදී ව්යාපාරය තුල සිය හඩ අවදි කරමින් ජනතාව පුබුදුවාලු ජනතාවාදී කලකරුවෙකි , වීප්ලවවාදියෙකි ,මාක්ස්වාදය ඉතිහාසය තුල හුදකලා තනි වීරයන්ගේ වීර වික්‍රමාන්විතයන් ප්‍රතික්ෂේප කරයි. එහෙත් ඉතිහාසය ගොඩ නැගීමේදී විශේෂ පුත්ගලයන්ගේ විශේෂ දායකත්වය ප්‍රතික්ෂේප නොකරයි. මන්ද එවැනි පුත්ගලයන්ද ඉතිහාසයේ අවස්යතාවයන් ගේ නිර්මාණයන්ය. ඉතිහාසය සුවඳවත් වුයේ පාරාර්තකාමී මිනිසුන්ගේ අව්‍යාජ්‍ය කැප කිරීම් මතය. මේ එවන් මිනිසෙකුගේ ආවර්ජනයක්...... වික්ටර් ජාරා 1932 සැප්තැම්බර් 28 දින චිලි දේශයේ සන්තියාගෝ නගරයේ උපන් ඔහු චිලි සමාජවාදී ව්යාපාරය තුල සිය හඩ අවදි කරමින් ජනතාව පුබුදුවාලු ජනතාවාදී කලකරුවෙකි , වීප්ලවවාදියෙකි , ගුරුවරයෙකි.කලාවට අමතරව සමාජවාදී දේසපාලන ක්රියකාරියෙකු වූ චිලි සමාජවාදී ව්යාපාරයේ නිර්මාතෘ සැල්වදෝර් ඇලන්ඩේ ගේ ඉතා කලුුපග සටන් සගයෙකු විය.එමෙන්ම ප්රීබල මානව හිමිකම් ක්රියාකරුවෙකු වූ වික්ටර්, චිලි දේශය තුල ඉතා ජනාදරයට පත් විය. ඔහු උපත ලැබුවේ ඉතා දිලිදු පව්ලකය. සහෝදර සහෝදරයන් 10 දෙනෙකුගෙන් පිරි පව්ලක වැඩිමලා වූ ඔහු අද්යාපනය වෙනුවට පව්ලේ බර කරට ගැනීමට සිදු විනි. ඔවුන්ගේ කුස පිරවීමට ගොවිතැන සිය ජීවිකාව කරගත්තේය. තුරුණු වියට පත්වීමත් සමගම ඔහුගේ ගමන් මග වෙනස් විය. සංගීතය ඔහුගේ විෂය පථයට අලුතින් එක්විය. ගිටාරය වයමින් ඔහු ගේ ගැබුරු හඩින් මුසු වූ නව රිද්මයෙන් ලතින් ඇමෙරිකාවේ තරුණ සටන්කාමිත්වයට නව ජවයක් ලැබුණි. ඒ අතර පැබ්ලෝ නෙරුදාගේ කවි වලට තරුණ වික්ටර් ගේ සිත තදින් ඇදී ගියේය. 1950 දී CUNCUMEN නමින් සංගීත කණ්ඩායමක් ගොඩනැගු ඔහු අනතුරුව LA NUEVA CANCIONE නම් ලතින් ඇමෙරිකානු ජන කලා සංගමයට එකතුවිය. එය සමාජවාදී දෘෂ්ටියකින් අරම්බවූ සංස්කෘතික සන්විධානයක් විය. 1970 ඇලන්ඩේ ගේ ජයග්රහි මැතිවරණ ව්යාපාරයට සක්රීයව දායකවූ වික්ටර් ජාරා සිය හඩින් ජනතාවගේ යටපත් වූ දුබල හඩට නව ජීවයක් ලබා දුනි. ජනතා පැතුම සමාජවාදී ආකල්පයන් ගෙන් පිරවීමට ඔහුගේ ගැබුරු හඩත් ගිටාරයෙන් නැගුනු මධුර ස්වරයත් මහෝපකාරී විය. 1973 සැප්තැම්බර් 11 දින ඇමෙරිකාවේ පුර්ණ සහය මත සිදු වූ මිලිටරි කුමන්ත්රයණය දා රාත්රිමයේ සන්තියාගෝ කාර්මික විශ්ව විද්යාමල වෙත පිය නැගුවා. ඔහු එම විද්යාලයේ ගුරුවරුන් හා සිසුවන් සමග ඒ බියකරු රාත්රිය පහන් කළා. පසුදා පහන් වනවිට විශ්ව විද්යාලය වැටලු ගර්හිත දක්ෂිණාංශික හමුදාවෝ දහස් සංකයාත සමාජවාදී සගයන් සමග ඔහුද අත්අඩංගුවට ගනු ලැබුවා.ඉන් පසු චිලි ප්‍රධාන ක්රීඩාපිටියට ඔවුන් ගෙන ගියා. ඔහු එහිදී කෘර වද බන්දනයට ලක් උවා. ඔහුගේ ඉල ඇට බිදෙනතුරු රයිෆල් බදින් පහර කෑමට ලක් වූ වික්ටර් ජාරා සිය දේසපාලන සගයන්ගේ චිත්ත ධෛර්ය ගොඩ නැගීමට මරණ මන්චකයෙදීත් රණ ගී ගායනා කළා. ඔහු අවසන් වරට ගායනා කලේ "වෙන්චේර්මොස්" ( WE WILL WIN ) ගීතයයි . එය ඇලන්ඩේ ගේ දේසපාලන ව්යාපාරය පුරාම රැව් දුන් ගීතයද විය. තවදුරටත් අමානුෂික පහර කෑමට ලක් වූ ඔහු සන්තියාගෝ නගරයේ කානුවක් තුලදී වෙඩි පහර 44 ක් සිය සිරුර පසාරු වූ නිසල දේහය ආදරණීය බිරිද වූ JOAN TURNAR JARA විසින් හඳුනා ගත්තා. ඇයද මේ වනතුරු චිලි දේශයේ ජීවත් වන අතර වික්ටර් ජාරා නමින් පදනමක් ආරම්බ කළා. චිලි දේශයේ උන්නතිය වෙනුවෙන් සිය දිවි කුසුම පුදහල අසහාය විප්ලවවාදී කලා කරුවා නමින් ඔහු ඝාතනයට ලක් වූ චිලි ප්‍රධාන ක්රීඩාංගනය VICTOR JARA STADIUM නමින් නම් කලා.

No comments:

Post a Comment