සකල ලෝක වාසී සුවහසක් පීඩිත පන්තියේ , දුගීභාවය හා සූරාකෑමට එරෙහිව අවි එසවූ විප්ලවීය


හැමදෙනාම වගේ මමත් පරිසරයේ නිපැයුමක්... " මුදල් නොමැතිකම නිසාම දෙමාපියන්ට සිය දරුවන් වෙනුවෙන් කිසිවක් කර කියා ගන්නට බැරුව ඉන්න සැටි මම දැක්කා. මේ සදාතනික බඩගින්න නිසා තමන්ගේම දරුවන්ගේ මරණය දිහා බලාගෙන ඉන්න පුළුවන් තිරිසන් ආසාවක් තරමට මිනිස්කම පිරිහිලා තියන හැටි මගේ ඇස් වලින් දැක්කා. වෛද්‍ය විද්‍යාවට විශාල දායකත්වයක් ලබාදෙන පර්යේෂකයෙකු වශයෙන් ප්‍රසිද්ද වනවාට වඩා මේ අසරණ මිනිස්සුන්ට උපකාර කිරීමේ වැඩි වැදගත් කමක් තියෙන බව මට වැටහුනා .එම නිසා දොස්තර වෙන්නට ඉගනගන්නවාට වඩා විප්ලවකාරයෙක් විදිහට මම වැඩි සතුටක් ලබා ගත්තා" චේ ඔබගේ මුහුණේ නිරතුරුවම රැඳුනේ අව්‍යාජ්‍ය සිනහවකි. ඔබගේ දෙනෙත් තුල රැදී තිබුනේ අධිස්ටානයේ දිදුලන බලාපොරොත්තුවයි. විප්ලවීය අයෝමය ශක්තියකින් හා අචල දර්ශනයකින් ජීවිතය පිරී තිබුනා. විප්ලවීය අරගලය තුලදී ඔබ දැඩි පරාර්තකාමියෙක් විය . සකල ලෝක වාසී සුවහසක් පීඩිත පන්තියේ , දුගීභාවය හා සූරාකෑමට එරෙහිව අවි එසවූ ඔබ ජනතාවගේ උස් නිදහස වෙනුවෙන් ජීවිතයේ සතුට , ප්‍රීතිය , පෞත්ගලිකත්වය හා ඉහල පරමාර්ථයන් සියල්ලම කැපකලා. ධනවාදයේ හා අධිරාජ්‍යවාදයේ දුර්ධාන්ත කම් ඉදිරියේ වියරු වූ ඔබ, ඒ සියල්ලක්ම ප්‍රායෝගිකත්වයට පත් කළා.

No comments:

Post a Comment