කියුබානු ගම්බද ගොවි පව්ලක උපත ලද ජීසස් සුවාරස් ගයෝල්


කියුබානු ගම්බද ගොවි පව්ලක උපත ලද ජීසස් සුවාරස් ගයෝල් කියුබානු ගම්බද ගොවි පව්ලක උපත ලද ඔහු කියුබානු විප්ලවයේ චේ ගේ අටවන සේනාංකයේ සිටි වීරෝධාර සටන්කාමියෙකි. පසුව ඔහු චේ සමග කොන්ගොවටද අවසානයේදී බොලිවියාවටද යන්නේ සමාජවාදී ලෝකයක් ගොඩ නැගීමේ උදාර අරමුණ පෙර දැරි කරගෙනය. ඔහු කියුබානු සීනි කර්මාන්ත නියෝජ්‍ය ඇමෙතිවරයාද විය. ඔහු බොලිවියානු සටන් බිමේදී චේ සමග උරෙන් උර සටන් කල කියුබානුවන් අතර සුවිශේෂී චරිතයකි. ඔහු සටන් බිමේදී දිවිපිදු වීරයෙකි. මේ ඔහු බොලිවියාවට පිටත් වීමට පෙර සිය පුතුට ලිවූ ලිපියකි..... ඔබ මගේ එකම පුතාය. අද ඔබගේ 4 වන උපන්දිනය සමරන දවසයි . එහෙත් ඔබ තනිකර දමා මා විප්ලවීය කටයුත්ත වඩා වැදගත් කොට සලකමින් පිටත්ව යන මොහොත කිසිදා අමතක නොකරමි. මේ ඔබට ලියන අවසන් ලිපියද වීමට ඉඩ තිබේ. ඒ සටන් බිම යනු අස්ථිර ස්ථානයක් බැවිනි. කියුබානු දේශය තුල ඔබට නිසි රැකවරණය ලැබෙන බව ස්ථිරය. සමානාත්මතාවය රජයන දේශයක ඔබ තනි නොවන බව මට විශ්වාසය. එහෙත් ලතින් ඇමෙරිකානු කලාපය තුල බොහෝ දිළිඳු රටවල ඔබ වැනි දරුවන් මන්දපෝෂණයෙන්..නිසි වෛද්‍ය ප්‍රතිකාර නොමැතිව මිය යන්නේ ධනපති දුර්දාන්ත පාලන ක්‍රමයනේගේ අනිසි ප්‍රතිපල නිසාවෙනි. ඒ බැවින් අපි ඒ රටවල් තුලද තව තවත් කියුබානු ක්‍රමයන් ඇති කල යුතුය. එම දුරධාන්ත පාලන සිඳ බිඳ දැමීමට චේ ගේ නායකත්වයෙන් සටන් වැදීමට අපට ඉතිහාසය විසින් බල කර ඇත. ඒ වෙනුවෙන් ඔබගෙන් හා මවගෙන් සමු ගැනීමට සිදුවී ඇත. කිසිදා දුක් නොවන්න. ඉතිහාසය සියල්ලම නිවැරදි කර දෙනු ඇත ඔබට. ඔබ අද්යාපනයෙන් නිසි පල නෙලාගෙන එහි උපරිමය සිය රටේ අභිවුර්ධිය වෙනුවෙන්ම වැය කරන්න. ඉන් විප්ලවයේ ජයග්‍රහණයන්ට ඔබගේ ශක්තිය හා ධෛර්ය මහෝපකාර්යක් වේවි. විද්යාවේ , තාක්ෂණයේ හෝ වෙනත් නිර්මානාත්මක කටයුත්තකට ඔබගේ බුද්ධිය දායාද කරන්න..ඉගන ගන්න..!!! ඇත්ත කෙතරම් තිත්ත වුවත් ඇත්තෙහිම රැදී සිටින්න.හැම විටකම අවංකව කටයුතු කරන්න.ඔබ නිවැරදි බව ඔබට ඒත්තු ගැන්විය හැකි නම් ඔබේ මනසේ තරයේම පිහිටා වැරදි ඇති සෑම දෙයක්ම විවේචනයට භාජනය කරන්න බිය නොවන්න. සෑම විටකදීම ස්වයන් විවේචනාත්මකව සිතන්නට පුරුදු වන්න.ජීවිතය යහ මගට ගත හැක්කේ එවිටය. මතක තබා ගන්න .ඔබගේ ජීවිතය කොයි අතට යන්නේ දැයි තීරණය කර ගැනීමේදී ඔබ වැඩියෙන්ම සිතාවි මේ කියමන "අහසේ තරු හොඳින් බැබලී මැරී යයි" ඔබ මට වටිනා පුතෙකු වන්න විපලවාදියෙකු වන්න කොමියුනිස්ට් වාදියෙකු වන්න!!!!..

No comments:

Post a Comment