වියට්නාමයේ රන් අසිපත නමින් විරදාවලිය ලත් අසහාය සමාජවාදී සෙන්පතියා වූ වෝ ගිඅප්


මාක්ස්වාදය ඉතිහාසය තුල හුදකලා තනි වීරයන්ගේ වීර වික්රමාන්විතයන් ප්රතික්ෂේප කරයි. එහෙත් ඉතිහාසය ගොඩ නැගීමේදී විශේෂ පුත්ගලයන්ගේ විශේෂ දායකත්වය ප්රතික්ෂේප නොකරයි. මන්ද එවැනි පුත්ගලයන්ද ඉතිහාසයේ අවස්යතාවයන් ගේ නිර්මාණයන්ය.

ඉතිහාසය සුවඳවත් වුයේ පාරාර්තකාමී මිනිසුන්ගේ අව්යාජ්ය කැප කිරීම් මතය. මේ එවන් මිනිසෙකුගේ ආවර්ජනයක්..... . Vo Nguyen Giap වියට්නාමයේ රන් අසිපත නමින් විරදාවලිය ලත් අසහාය සමාජවාදී සෙන්පතියා වූ වෝ ගිඅප්, 1911 අගෝස්තු මස 25 වෙනි දින වියට්නාමයේ Anxa නම් දුෂ්කර ප්රදේශයේ ඉතා දිලිදු පව්ලක උපත ලැබීය. මෙම අසහාය කොමියුනිස්ට් යුධ වීරයා ජීවිතය දැඩි අධිස්ටානයෙන් ජය ගත්තා සේම අද්යාපනයෙන්ද සිය සහජ කුසලතාවයන් පිලිබිමු කළා. 1930 දී Hanoi විස්වවිද්යාලයට ඇතුල්වී දේසපාලන විද්යාවට ගව්රව උපාදිය හිම්කරගත්තා .ඉන් පසුව ගුරුවරයෙකු, පුවත් පත්කලාවේදියෙකු ලෙස කටයුතු කරමින් TIEN DANG නම් තරුණ විප්ලවවාදී කවයට එකතු වී සිය දේසපාලන ගමන ආරම්බ කළා. 1931 දී වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයට එකතු වෙන Vo ප්රංස අධිරාජ්‍ය වාදයට එරෙහි පළමු උත්ඝෝෂණයට සහබාගි විය.ඉන් අනතුරුව යුද ඉතිහාසය හා දර්ශනය පිළිබද ගැබුරු අද්යනයක නිරත විය.

 නැපෝලියන් හා වියට්නාම් යුද වීරයෙකු වූ Sun Tzu අනුගමනය කල උපක්ර්මශීලී යුද කටයුතු කෙරෙහි සිය තරුණ රණකාමි විප්ලවවාදියාගේ සිත ඇදී ගියා.ඔහු Tap Moi නමින් සමාජවාදී පුවත් පත ආරම්බ කරමින් ජනතාව මිත්‍යාවෙන් යතාර්තයට රැගෙන ආවේය . ඒ අතර ඔහුට තවත් සමාජවාදී තරුණ ක්රියාකාරිනියක් වූ Nguyen Thi මුණ ගැසී විවාහ දිවියට පත් විය. 1954 මාර්තු මස 13 දින වියට්නාම් ජාතික හමුදාව පිහිටුවා වියට්නාමය පෙළමින් සිටි ප්රංශ අදිරජ්යාට අමතක නොවන පාඩමක් ඉගැන්වීමට දින 54 ක අඛණ්ඩ සන්නද්ද අරගලයක් සිය වාමාංශික භටයන් සමග දියත් කළා. තවත් රණකාමි සෙනෙවියෙක් වූ කර්නල් පිරොත් සමග සටන් බිමට පිව්සි හෙතම සටනට වීරෝදාර නායකත්වයක් සැපවූයේ යුදබිමේ ඉදිරියෙන් සිටිමින්ය. ප්රංශ කාලතුවක්කු පොඩි පට්ටම් කරමින් ඉදිරියට ඇදුනු වියට්නාම් භටයන් ප්රතිවාදී ප්රංශ යටත් විජිත රෙජිමේන්තු ඉතා කුඩා බිම් කඩකට සීමා කළේය. ප්රංශ හමුදාවට යුද නායකත්වය දුන් ජනරාල් De Castries ඔහු සැඟවී සිටි බන්කරයේදීම නිරුප්රදිතව අත්අඩංගුවට පත් විය.

 1954 මැයි 7 වෙනි දින ප්රංශ අදිරජ්යවාදීන් වියට්නාමය ඉදිරියේ පරාජය ලැබුවා. කුඩා මිනිසෙකු මෙන්ම අයෝමය එඩි බලයකින් පිරිපුන් ජනාරාල් වෝ වියට්නාම් වැසියන්ගේ කීර්තිය හා ස්වෛරීභාවය රැකදුන්නා . 2200 මියගොස් 5600 ක් අබාදිත කරමින් 11721 ක භට හමුදාවක් යුද සිරකරුවන් බවට පත් වීමෙන් අනතුරුව ප්රංශ පරාජිත දජය අකුලාගෙන වියට්නාමයෙන් පසු බැස්සේය. ඉන් පසුව උදාවෙන්නේ වියට්නාම් ඓතිහාසික යුද්දයයි .ඇමෙරිකානු යැංකි හමුදවාන් සමග සටන් වැදුණු Vo ප්ර්මුක වියට්නාම් ජාතික හමුදාව ලෝකයට ආදර්ශයක් දෙමින් අදිරාජ්යවාදය පරාජය කරන්නේ කෙසේදැයි පෙන්වා දුන්නා. විපුල යුද දැනුමකින් පිරිපුන් මේ උදාර මිනිසා ඇමරිකානු හමුදාවන් තමන්ගේ යුද උපක්රම ඉදිරියේ පරාජය වෙනු දැක ඇමෙරිකානු යුද ශක්තියේ ඇති පුහු ආටෝපය ලොව ඉදිරියේ නිරුවත් කළා.මේ සෑම සටනකටම නිවැරදි දේසපාලන නායකත්වය හෝ චෝ මින් විසින් දෙනු ලැබුවා. ඒ සබැ නායකයන්ගේ ස්වරුපය..... වියට්නාම් යුද්දය ජය ගැනීමට ඔහු කුඩා භට කණ්ඩායම් ගරිල්ලා සටන් පුහුණුවකින් සන්නද්ද කර ඉතා සියුම් උපක්රම තුලින් යැංකි හමුදාව පරාජය කරමින් ඉදිරියට ඇදුනේය.

 ඇසිපිය හෙලන මොහොතකදී තියුණු ප්රහාර එල්ලකර යැංකි කදවුරු බිමට සමතලාකළ සමාජවාදී භටයන් වියට්නාම් සමාජවාදී බලය ලොවට පෙන්වුයේ මහත් අභිමානයකිනි. ජනාධිපත් රිචර්ඩ් නික්සන් ට වියට්නාමය තම හිස මත කඩා වැටුණු දෙවොලක් විය. තියුණු ප්රහාරයන් හමුවේ අඩපන වූ යැංකි හමුදා සිය රටට කැඳවීමට ඔහු සටන් විරාමය නම් ගැල විජ්ජාව ගෙන ආවේය.ඒ මොහොතවනවිට අති විසාල ඇමෙරිකානු යුධ සිර කරුවන් පිරිසක් හැනොයි නගරයේ රදවා සිටියේය. නැවතත් බලකාමයෙන් උන්මන්තකවූ ඇමෙරිකානු අදිරජ්යවාදීන් ලැජ්ජාව පිරිමසා ගැනීමට LINEBACKER 2 නමින් වියට්නාමයට මිලියන ගණන් බෝම්බ ගුවනින් හෙලන ලදී. එහෙත් රණකාමී වියට්නාම් ජනතා හමුදාවෝ එල්ල කල ප්රති ප්රහාර හමුවේ සියලු ඇමෙරිකානු ප්රයන්තයන් හකුලා ගන්නට NIXON ජනාධිපතිට සිදු උනා. Paris Peace Acord නමින් නැවත ඇඟ බේරා ගැනීමේ ක්රියාවලියක ප්රාතිපලයක් ලෙස හෝ චෝ මින් සමග එකගතාවයකට එලබුනා.සිය පරාජිතයැංකි හමුදාව සදාකාලික අන්ගවිකලත්වයට පත් වූ දහස් ගණන් භටයන් සමග සිය රටට කැඳවනු ලැබුවා. ජනරාල් Vo ගේ ඊළඟ ප්ර්යන්තය වූයේ දකුණු වියට්නාමය මුදවා ගෙන උතුර දකුණ එක්කොට හෝ චෝ මින් ගේ නායකත්වයෙන් සමාජවාදී වියට්නාමය බිහිකිරීමය. ඒ වෙනුවෙන් අදිරාජ්ය ගැති දකුණු වියට්නාම් ජනපති Nguyen Van Thieu බිරාන්තයට පත් කරමින් වියට්නාම් ජාතික හමුදාවන් දකුණු දෙසට ප්රහාරක හමුදාවන් මෙහෙය වුවා. එස්.යු -100 නමැති යුද ටැංකි සිය ගණනක් එකම දිනක විනාශ කරමින් එල්ල කල දැවැන්ත ප්රහාර හමුවේ ඔහු බටහිර අදිරාජ්ය වාදී නායකයන්ගෙන් උපකාර ඉල්ලා සිටියා.එහෙත් වීරෝදාර වියට්නාම් බටයන්ගෙන් සදා අමතක නොවන පාඩමක් උගත් ඔවුන් ඉවත බලා ගත්තා. එම අරගලය ho cho min campaign නමින් නම් කළා.

 අනතුරුව 1975 අප්රේල් 30 දින සමාජවාදී වියට්නාම් ජනරජය හෝ චෝ මින් යටතේ ගොඩ නැගුවා. 1946 ආරම්බ කල ඉන්දු චීන සටනට නායකත්වය දුන් Vo 1975 අවසන් නිදහස් අරගලය තෙක් අසහාය යුද නායකත්වය වියට්නාමයේ උස් නිදහස වෙනුවෙන් කැප කළා. ඔහුට අහිමි වූ දේ බොහොමයි . තම ආදරණීය දියණිය පවා සතුරන් විසින් දුෂණය කර වදදී මරා දැමුවා. ජනරජය පිහිට වීමෙන් අනතුරුව ඔහු ජාතික ආරක්ෂක ඇමති දුරයටත් , උප අගමැති තනතුරටත් පත් උනා. ඉතිහාසය විසින් ඔහුට පැවරු කර්තව්යත නිසි ලෙස ඉටු කල සෙනෙවියෙකු වූ හෙතම ඉතිහාසය පිලිබදව චින්තකයෙකු වූ Stanly Karnow විසින් මෙම වීරයා ...Wellington , Grant , Rommel , Lee , Mc Arthur ට සමාන කළා. වෝ විසින් විශිෂ්ට ග්ර න්ථ කිහිපයක්ම රචනා කලා. ඒ අතර Greeat Task , People's Army , People's War , Big victory ඉතා අගනා යුද ග්ර න්ථ වේ.

No comments:

Post a Comment