Thursday 30 May 2013

19 වැනි සියවසේ බිහිවූ ලොවට ප්‍රබලම බලපෑමක්‌ කළ දාර්ශනිකයා

19 වැනි සියවසේ බිහිවූ ලොවට ප්‍රබලම බලපෑමක්‌ කළ දාර්ශනිකයකු ලෙස කාල් මාක්‌ස්‌ හඳුන්වා දිය හැක. මේ දාර්ශනිකයා විසින් ලොවට හඳුන්වාදුන් මාක්‌ස්‌වාදය ගැන බොහෝ දෙනෙක්‌ දන්නා නමුත් ඔහුගේ පෞද්ගලික ජීවිතය ගැන දන්නා පිරිස සීමිතය.

ජෙනී වොන් වෙස්‌ට්‌පැලන් යනු මාක්‌ස්‌ගේ බිරියයි. මාක්‌ස්‌ ජෙනීට ආදරය කිරීමට පටන් ගත්තේ වයස දහඅටේදීය. එවිට ජෙනීගේ වයස අවුරුදු 22 කි. වයසින් වැඩි ගැහැනියකුට ප්‍රේම කිරීම එවකට සුලභ නොවුවත් මාක්‌ස්‌ සිය තරුණ ජීවිතය ආරම්භයේදීම ජෙනීට ආදරය කරන්නට පටන් ගත්තේය. ජෙනී ද මේ තරුණයාට ආදරය කළ නමුත් මේ ගැන තම දෙමාපියන්ට හෙළි කිරීමට බිය වූවාය. ජෙනී තම ප්‍රේමවන්තයා ගැන හෙළි කිරීමට මැලි වූයේ දෙදෙනාගේ සමාජ තත්ත්වය එක හා සමාන නොවූ බැවිනි. මාක්‌ස්‌ දුගී තරුණයකු වූ අතර ඔහු සිය අධ්‍යාපන කටයුතු සඳහා ද මුදල් සොයා ගත්තේ අමාරුවෙනි. ජෙනීගේ පවුල් පසුබිම උසස්‌ වූ අතර ඔවුහු ධනවත් ජීවිතයක්‌ කත කළෝ වූහ. ජෙනී 1814 පෙබරවාරි 12 වැනිදා උපත ලැබූ අතර ඇගේ පියා බර්ලින් සරසවියක මහාචාර්ය පදවිය දැරූ ජොහැන් ලුඩ්වින් වෙස්‌ට්‌පැලන් වූ අතර මව කැරොලින් හියුබේල් විය.

ජෙනී හා මාක්‌ස්‌ වසර හතක්‌ ප්‍රේම කළ අතර ඔවුන්ගේ විවාහය සිදුවූයේ 1843 ජුනි 19 වැනිදාය. මොවුන් ප්‍රේම කරනා කාලයේදී පෙම් කවි, පෙම්පත් දුසිම් ගණනින් යෑවීමට මාක්‌ස්‌ ක්‍රියා කළ අතර සිය ප්‍රේමය සදාකාලික එකක්‌ බව නිරන්තරව මේ පෙම්පත්වල සටහන් කරන්නට ඔහු මැලි නොවීය. ප්‍රේම කරන කාලයේ මාක්‌ස්‌ ජෙනීට පෙම්පත් ලියුවා සේම විවාහ වූ පසුවද තම භාර්යාව වෙනුවෙන් පෙම්පත් ලියන්නට ඔහු අමතක කළේ නැත. ඔවුනගේ විවාහ ජීවිතය නොයෙකුත් හැලහැප්පීම්වලට ලක්‌ වුවද දිළිඳුකමින් අනන්ත පීඩා වින්ද ද පෙම්පත් හුවමාරුව නතර වූයේ නැත.
මාක්‌ස්‌ ලොව ප්‍රකට දාර්ශනිකයකු වුවත් ඔහුට ස්‌ථිර රැකියාවක්‌ නොවීය. හැම අවස්‌ථාවලදීම මුදල් හිඟකමින් පෙළුණු නිසා ඔහුගේ බිරියට ද දුක්‌ත ජීවිතයක්‌ ගත කරන්නට සිදුවිය. එහෙත් ජෙනී මේ දුගී බව ගැන මාක්‌ස්‌ට දොස්‌ පැවරුවේ නැත. දරුවන්ට කෑම සොයා ගැනීම සඳහා සිය ඇඳුම් නිවසේ ඇති ලී බඩු පවා උගසට තබන්නට ජෙනීට සිදුවිය. මේ දුගීභාවය නිසාම දරුවන් කිහිප දෙනකුම බාල වියේදීම මරණයට පත්විය.

ජෙනී මාක්‌ස්‌ට දාව දරුවන් හත් දෙනකු බිහි කළාය. පළමු දියණිය ජෙනී කැරොලයින් වූ අතර ඇය උපන්නේ 1844 දීය. දෙවැනි දියණිය ජෙනී ලෝරා 1845 දී උපන්නාය. එඩ්ගාර් නමැති පිරිමි දරුවා 1847 දී උපන් අතර ඔහුට ලබාදී තිබුණු සුරතල් නාමය වූයේ මෂ්ය. නමුත් ඔහු වයස අවුරුදු 8 දී මරණයට පත්විය.

මාක්‌ස්‌ පවුලේ සිව්වැනි දරුවා වූ හෙන්රි එඩ්වඩ් ගයි 1849 දී උපන් අතර 1850 දී මරණයට පත්විය. 1851 උපන් ජෙනී එව්ලින්ට ද වසරක්‌වත් ජීවත්වන්නට ආයුෂ තිබුණේ නැත. ජුලියා ඉපදෙන විට ජෙනීගේ වයස අවුරුදු 41 කි. 1857 දී ද ජෙනී දරුවකු බිහි කළ ද ඒ දරුවා උපතේදීම මරණයට පත්විය.

මාක්ස්ගේ බිරිය ජෙනි වොන් වෙස්ට්පාලන් නිසා නො වේ නම් ඔහු මෙතරම් ශ්රේෂ්ඨ පුද්ගලයකු නොවනු ඇතැ යි ඔවුන් ගේ දියණියන් එලෝනර් පවසයි. මේ දෙදෙන ගේ ජීවිත විස්මයජනක ලෙස එකට වෙළී තිබූ බව ඔවුන් ගේ සමකාලීන සගයෝ ද පවසති.මාක්‌ස්‌ හා එක් ව පිටුවහලට, දුගී දුකට, හා සතුරු පර්හාරවලට මුහුණ දුන්නා ය. මාක්ස් ලියා ඇති ‘චංචල ජීවිතයක් පිළිබඳ ලුහුඬු සටහන්’ නමැති ලිපියේ දී සිය දරු පවුල විඳි දුක් ගැහැට අනාවරණය කර ඇත්තේ අතිශය කම්පනීය ආකාරයෙනි. සිටු පවුලකට අයත් වූ ජෙනී සිය සැමියා ගේ විප්ලවවාදි දේශපාලනය නිසා උරුම කර ගත්තේ දුක් ගැහැට පිරුණු ජීවිතයකි.

සැහැල්ලුව, නිස්කාංසුව මෙන්ම විවේකය ද ඇයට නොලැබිණ. එහෙත් ඇය මේ අසහාය මිනිසා ගේ විශිෂ්ට කාර්යාවලිය දැන හැඳින, ඊට එක් සිතින් සහාය දුන්නා ය. රට රටවලින් පිටුවහල් කිරීම නිසා ඔවුන්ට සිදු වූයේ දේශපාලනික සංකරමණිකයන් බවට පත්වීමට යි.ඔවුන් ගේ ආර්ථිකය කඩා වැටිණ. ඉන්න හිටින්න තැනක් නොතිබිණ. තැන් තැන්වල සරණාගතයන් මෙන් ඇවිදින්ට සිදු විය. පෝෂ්යදායි ආහාරපාන, ඇඳුම් පැලැඳුම් නොලැබිණ. දුක්බර පිටුවහල් ජීවිතය නිසා ම දරුවෝ විවිධ රෝගවලින් මිය ගියහ. මේ බරපතළ දුක්ඛ තත්වයන් හිදී ඔවුනට පිහිට වූ මිතුරා වූයේ ෆෙඩ්රික් එංගල්ස් ය. එංගල්ස් ගේ පරිත්යාග නොවන්නට මාක්ස් සහ ඔහු ගේ පවුල විනාශ වී යන්නට ඉඩ තිබිණි. මාක්ස් හා එංගල්ස් ගේ මිතරත්වය මහා බුද්ධිමතුන් දෙදෙනකු ගේ සන්ධානයකි.

ජීවිතයේ අවසාන කාලයේදී ජෙනීගේ ශරීර අභ්‍යන්තරය නිරන්තරව ඇදුම්කන්නට විය. අවසානයේ ඇයගේ අක්‌මාවේ පිළිකාවක්‌ වැළඳී ඇති බව හෙළි විය. මාක්‌ස්‌ සමග 38 වසරක්‌ දීග කෑ ජෙනී 1881 දෙසැම්බර් 02 වැනිදා මෙලොව හැර ගියාය. ඇයගේ දේහය ලන්ඩනයේ හයිගේට්‌ සුසාන භූමියේදී මිහිදන් කරනු ලැබීය. සිය බිරියගේ වියෝව මාක්‌ස්‌ට ද දැරීමට අපහසු වූ අතර ඔහු 1883 දී මරණයට පත්විය. එවිට මාක්‌ස්‌ගේ වයස අවුරුදු 65 කි.

කාල් මාක්ස් ගේ ජීවිතයෙන් බිඳක් .....

No comments:

Post a Comment