Wednesday 21 November 2012

මුම්බායි ප්‍රහාරයේ අවසන් ත්‍රස්තවාදීයා එල්ලා මරයි

2008 මුම්බායි ප්‍රහාරය අවස්ථාවේ අත්අඩංගුවට පත් එකම සටන්කාමියා වන මොහොමඩ් අජ්මාල් කසබ් අද උදෑසන එල්ලා මරණයට පත් කළ බව ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. ඔහු මරණීය දණ්ඩනයට ලක් කර තිබෙන්නේ, මුම්බායි නගරයට නුදුරින් පිහිටි පූනේ බන්ධනාගාරයේදීය. අජ්මාල් කසබ් සමාව ඉල්ලා යොමු කළ අභියාචනය ඉන්දීය ජනාධිපති ප්‍රනාබ් මුකර්ජි විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීමෙන් පැය කිහිපයකට පසුව ඔහුට මරණීය දණ්ඩනය ලබා දී තිබේ. 2008 නොවැම්බර් 26 වැනිදා මුම්බායි දුම්රිය ස්ථානය, සුඛෝපභෝගි හෝටල් සහ යුදෙව් සංස්කෘතික මධ්‍යස්ථානය ඉලක්ක කර ගනිමින් ප්‍රහාරය එල්ල කෙරිණ. ප්‍රහාරයෙන් පුද්ගලයෝ 166 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූ අතර ප්‍රහාරයට පැමිණි තුවක්කුකරුවෝ 9 දෙනෙක් ද ජීවිතක්ෂයට පත් වූහ. අජමාල් සහ ඔහුගේ සහයකයා දුම්රිය ස්ථානයට ප්‍රහාරය එල්ල කළ අතර එහිදී පුද්ගලයින් 52 දෙදෙනකු ජීවිතක්ෂයට පත් විය. 2010 මැයි මාසයේ අජ්මාල් 2008 ත්‍රස්ත ප්‍රහාරයේ වරදකරුවකු ලෙස තීරණය කළ ඉන්දීය ශ්‍රේෂඨාධිකරණය අගෝස්තු මාසයේ ඔහුට මරණ දඬුවම දෙන ලෙස නියෝග කළේය.

No comments:

Post a Comment