Thursday 20 June 2013

රාජ්‍ය සේවකයින්ට එල්ල කරන අවසන් ප‍්‍රහාරය මෙය විය යුතුයි - මහින්ද ජයසිංහ

දිගින් දිගටම ආණ්ඩුවේ මැර දේශපාලකයින්ගේ උවමනාවන් මත රාජ්‍ය සේවකයින් වෙත මැර ප‍්‍රහාර එල්ල කළ බවත් මෙය ප‍්‍රහාරය අවසන් ප‍්‍රහාරය විය යුතු බවත් ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ සහෝදරයා අද ලිප්ටන් වටරවුමේ පැවති උද්ඝෝෂණයකදී මාධ්‍ය අමතමින් පැවසීය.
එහිදී ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින්

මේ ආණ්ඩුවේ මර්වින් සිල්වා ඇමතිවරයා විසින් පසුගිය කාලයේ සමෘද්ධි සේවකයකු ගස් බැන්දා, ඊට පසුව ඔහුගේ පුතා හමුදා නිලධාරියකුට පහර දුන්නා, ඒ වගේම රූපවාහිනී ආයතනය තුල සේවකයින්ට මැර ප‍්‍රහාර, තර්ජන, අඩන්තේට්ටම් සිදු කරා. නමුත් ආණ්ඩුව කිසිදු පියවරක් ගත්තේ නැ. එකෙ ප‍්‍රතිඵලයක් විදියට තමයි අද පළාත් සභා මන්ත‍්‍රීවරයෙක් පාසලකට පැනල ගුරුවරියක් දණ ගස්සන්නෙ. ඒවගේම අනුරාධපුරේ නිවත්තක චේතිය පාසලේ විදුහල්පතිවරයාට ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයකුගේ පුත‍්‍රයා පහර දෙන්නෙ. දේශපාලකයො, මන්ත‍්‍රීවරු විතරක් නෙවෙයි ඔවුන්ගෙ දුවා දරුවනුත් අද ආචාර්යවරුන්ට පහර දෙන තත්වයකට පැමිණිලා තියෙනවා. ඒ තත්වයට ආණ්ඩුව සම්පූර්ණයෙන් වගකිව යුතුයි. පාසල්වලට දේශපාලනය ගෙනාවෙ ආණ්ඩුව. දේශපාලන මාරුවීම් ලබාදුන්නෙ ආණ්ඩුව. ඒ නිසා මේ ප‍්‍රහාරය සමස්ත රාජ්‍ය සේවයට එල්ල කරන අවසන් ප‍්‍රහාරය විය යුතුයි. එසේ නැතිනම් සමස්ත රාජ්‍ය සේවය පෙරටුකරගත්ත අරගලයකට යන්න අප මැදිහත්වෙනවා. පෙරමුණ ගන්නවා. ඒ වගේම මේ පළාත් සභා මන්ත‍්‍රීවරයා උසාවියට රැගෙන එන ලබන 27 දින පුත්තලම කලාපයේ සියළුම පාසල්වල ගුරුවරු අසනීප නිවාඩු වාර්තා කරල උසාවිය ඉදිරිපිට නිහඩ විරෝධතාවයක නියෙලෙන්න තීරණය කරල තියෙනවා.

No comments:

Post a Comment