Saturday 4 May 2013

කියුබානු විප්ලවීය අරගලයේදී සටන් කාමීන් සමග උරෙන් උර සටන් වදිමින් බැටිස්ටා පාලනය සුනු විසුනු විප්ලවිය සහෝදරියන්

විල්මා එස්පින්

කියුබානු විප්ලවයේ කාන්තා නායකත්වය උසුලමින් අති මහත් කැප කිරීමක් කල විප්ලවිය කියුබානු සහෝදරියන්



කියුබානු විප්ලවයේ කාන්තා නායකත්වය උසුලමින් අති මහත් කැප කිරීමක් කල කාන්තාවකි ඇය උපත ලද්දේ 1930 දීය. 1959 දී බැටිස්ටාගේ ඒකාධිපති පාලනය මුලිනුපුටා දැමීමට ජුලි 26 ව්‍යාපාරය හා සම්බන්දවී සටන් පෙරමුණු වල දිවි පරදුවට තබා සටන් කලේ මුළු මහත් කාන්තා පරපුරටම ආදර්ශයක් වෙමිනි. අනතුරුව 1960 දී කියුබානු කාන්තා සම්මේලනය ආරම්බ කරමින් එහි සභාපති තනතුරට පත් විය. ලොව පුරා කාන්තා සම්මේලනවලදී කියුබාව නියෝජනය කරමින් ජාත්‍යන්තර කාන්තා විමුක්තිය වෙනුවෙන් විශාල දායකත්වයක් ලබා දුනි. විල්මා කියුබානු ජාතික සභාවේද නිත්‍ය සාම්ජිකාවකි. එමෙන්ම ඇය කියුබානු කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩලයද නියෝජනය කරයි. සම්මාන ගණනාවකට පාත්‍රවූ අතර ලෙනින් සම්මානයද , කියුබානු වීර පදක්කමින්ද පිදුම් ලැබීය.


 මෙල්බා හර්නැන්ඩස්
 
කියුබානු විප්ලවීය ඉතිහාසය කතා කරන විට අපට මෙල්බා හර්නැන්ඩස් සහෝදරිය මග හැර යා නොහැක.



කියුබානු විප්ලවීය ඉතිහාසය කතා කරන විට අපට මෙල්බා හර්නැන්ඩස් සහෝදරිය මග හැර යා නොහැක. 1921 ජුලි 21 වන දින ඇය එල් වෙදාඩෝ නගරයේ උපත ලැබීය. හවානා සරසවියෙන් නීතිය පිලිබඳ ගෞරව උපාදිය හිමිකරගත් මෙල්බා ,සමාජයේ තැලෙන පොඩිවෙන මිනිසුන්ගේ සාදාරන අයිතිවාසිකම් වෙනුවෙන් අධිකරණයේ නොමිලේ පෙනී සිටියේය.

ඇගේ දේශපාලන ගමන් මග සනිටුවන් කරමින් 1953 දී පිදෙල් කස්ත්‍රෝ සමග තහනම් දේශපාලන ව්‍යාපාරයට එක් විය. අනතුරුව ඓතිහාසික මොන්කාඩා බැරක්කයට ප්‍රහාර එල්ල කිරීමට ඇයද සහභාගී විය. එම ප්‍රහාරයට සහභාගී වූ කාන්තාවන් දෙදෙනා ගෙන් කෙනෙක් ඇය . අනෙත් සටන් කාමී සොයුරිය වූයේ හෛඩ් ශාන්ත මරියාය. එම ප්‍රහාරය අඩ පන වීමත් සමගම ඇයට මාස 7 ක සිර දඩුවමක් පැනවීය. ඉන් පසුව එළබෙන කියුබානු විප්ලවීය අරගලයේදී සටන් කාමීන් සමග උරෙන් උර සටන් වදිමින් බැටිස්ටා පාලනය සුනු විසුනු කළේය. විප්ලවයෙන් පසුව ඇය "මොන්කාඩා වීරවරිය" යන සම්මානයෙන් පිදුම් ලැබීය. කියුබානු ජාතික සභාවේ නියෝජ්‍ය සභාපති කම දරු ඇය පසුව වියට්නාමයේ කියුබානු තානාපති ධුරයට පත් කළේය. 1986 දී කියුබානු කොමියුනිස්ට් පක්ෂය මෙල්බා මද්යම කාරක සභාවට පත් කළේය. නැවතත් ඇයට ඉතා වැදගත් තනතුරක් ලබා දෙමින් ආසියා , ඇෆ්රිකා, ලතින් ඇමෙරිකා ජනතා සහයෝගිතා පදනමේ සභාපති වශයෙන් කියුබානු රජය පත් කළේය.

ඉතා රැඩිකල් විප්ලවවාදිනියක වූ මෙල්බා අමෙරිකානු ප්‍රති විප්ලවීය ප්‍රහාර සමයේ දිවා රෑ නොබලා සිය රටේ අභිමානය වෙනුවෙන් සටන් වැදුණු වීර කාන්තාවකි



 "හයිඩ් ශාන්ත මරියා"

 " සතුරෙකු පරාජය කරන තෙක් සටන් කිරීමට මා ප්‍රබලව සිතට ගන්නවා. 


 සමාජවාදය උදෙසා වන නොනවතින අරගලය තුල කාන්තාවගේ දායකත්වය එදා මෙන්ම අදටද එකසේ දායක වී ඇත. අරගලය තුල කාන්තාව කිසිදා කිසිවෙකුට වෙන් කල නොහැක. සමාජවාදය අගයන සමාජයක උස් මිටි කම් නැත. 1953 ජුලි 26 දින කියුබානු විප්ලවයේ සමාරම්බක වෙඩි මුරය තබමින් බැටිස්ටා නම් කෘර ඇමෙරිකන් ගැත්තාට ඉරුවාරදය හැදෙන්නට "මොන්කාඩා" හමුදා කඳවුරට සන්නද්ද විමුක්තිකාමීන්ගේ ප්‍රහාරයක් එල්ල විය. සටනට අයෝමය නායකත්වයක් සපයමින් පිදෙල් කස්ත්‍රෝ පෙරමුණ ගත් අතර එයට නොමද සහයක් දුන් කාන්තාවන් දෙදෙනෙකු විය. ඇගේ නම ස්වර්ණමය අකුරින් කියුබාව තුල පමණක් නොව සමස්ත සටන්කාමී කාන්තා පරපුරේ සටහන් වී ඇත. ඇය නමින් "හයිඩ් ශාන්ත මරියා"ය. සටන් බිමට පැමිණෙනවිට ඇය හිරිමල් තරුණියක් විය. අගේ පෙම්වතාද ඒ සටනේදී කියුබාව වෙනුවෙන් දිවී පුදන ලදී. පසුව සටන මර්ධනය කිරීමෙන් අනතුරුව ඇය සිරභාරයට ගන්න ලදී.

" සතුරෙකු පරාජය කරන තෙක් සටන් කිරීමට මා ප්‍රබලව සිතට ගන්නවා. එය සතුට සඳහා ජීවිතයක් නැති කිරීමක් නොවේ. එවැනි දරුණු සතුටකට මා විරුද්දයි . මා සිතනවා අපි විශාල වැයමක් ගන්නවා සිත දැඩි කර ගැනීමට හා යුද්දයට යාමට. නමුත් අවශ්‍ය මොහොතකදී අනිවාර්යෙන්ම අපි එසේ දැඩි විය යුතු වගේම යුද්දයට යා යුතුයි," ඇය එසේ පවසන්නේ දැඩි අධ්ස්ටානයකින් හා විප්ලවීය හැගීමකින්. අද කියුබන් කාන්තාව ඇතුළු සමස්ත ජනතාව භුක්ති විඳින්නේ එදා හයිඩ් ලා අපමණ කැප කිරීම් මත ගොඩ නැගු සමානාත්මතාවය රජයන ලොව ජයගත් නිසාය

No comments:

Post a Comment