Tuesday 28 May 2013

1924 ජනවාරි 21 වැනිදා ලෝකය නිමේශයකට නැවතුනු බවක් දැනුනි. යෝධ කම්හල් වල හෙන හඬින් ගිගුම් දුන් මහා යන්ත්‍ර ගොළු විය.

1924 ජනවාරි 21 වැනිදා ලෝකය නිමේශයකට නැවතුනු බවක් දැනුනි. යෝධ කම්හල් වල හෙන හඬින් ගිගුම් දුන් මහා යන්ත්‍ර ගොළු විය. සමස්ත ලෝක වාසී යුක්තිගරුක මිනිසුන්ගේ හදවත් තුලට සදා නොමැකෙන වේදනාවක් දැනුනි. සෝවියට් සමුහාණ්ඩුව ඇතුළු සමාජවාදී ජනයා සහෝදර ප්‍රේමයෙන් එකිනෙකා වැලඳ ගත්තේ ශෝකයෙනි....ලොව බිහි වූ ශ්රේෂ්ට මාක්ස්වාදී බුද්දීමතෙකු , නිපුන දේශපාලන නායකයෙකු හා අග්‍රගන්‍ය විප්ලවවාදියෙකු වූ සදාදර ලෙනින් සහෝදරයා ලොවෙන් සමුගත්තේය.

සාර් ගේ දුෂ්ට කපටි පාලනයෙන් තම සහෝදර වැසියන් ධනේශ්වර විය ගසින් මුදවා ගැනීම සඳහා ලෙනින් කළ සටනින් පසු එතෙක්‌ පැවැති සාර් අධිරාජ්යයටත් වඩා විශාල රාජ්යයක්‌ බිහි කිරීමට රතු හමුදාවට හැකි විය. ඒ අනුව රුසියාවට යටත්ව පැවැති යාබද රටවලට අමතරව තවත් යාබද රටවල් සමූහයක්‌ ද සෝවියට්‌ පාලනය යටතට ගෙන යෝධ සමූහාණ්‌ඩුවක්‌ තැනීමට ලෙනින්ට හැකි විය. ලෙනින් කිසිදු රාජ්‍යකට බෙදී වෙන්වීමට ඉඩ නොතබා මාක්ස්වාදී නියමයන්ට අනුකුලව සියලු රටවල් එක් කරමින් සෝවියට් සමුහාණ්ඩුව ගොඩ නැගීය. එය ලෝක දේශපාලනයට නව සංකල්පයක්ද විය.
ලෙනින්ගේ මරණයෙන් පසු සෝවියට්‌ සංගමයේ දසතින් ලක්ෂ ගණන් විදුලි පණිවුඩ මොස්‌කම් නුවරට ගලා ආවේය. පළමු විදුලි පණිවුඩ 10,000 න් කියෑවුණේ ලෙනින්ගේ සිරුර සදාකාලික ලෙස තබා ගත හැකි වන පරිදි එම්බාම් කරන ලෙස ය.ඒ ශ්රේෂ්ට මිනිසා සෝවියට් සමුහාන්ඩුවටත් ලෝක සමාජවාදී වයාපාරයටත් කල අනභිබවනීය සේවය අගය කිරීමට ලෙනින් මිය ගිය පසුව සිය දේහය ක්‍රෙම්ලිනයේ රතු චතුරශ්‍රයේ තැන්පත් කිරීමට ජෝශප් ස්ටාලින් හා සිය දේශපාලන මණ්ඩලය ඒකමතිකව සම්මත කර ගන්න ලදී.

ලෙනින්ගේ සිරුර එම්බාම් කරන ලද්දේ මෙසේය. මුලින්ම ඔහුගේ උදරය පළා අතුනුබහන් සහ අභ්ය්න්තර ඉන්ද්රීයන් සියල්ල ඉවත් කරන ලදී. අනතුරුව මොළය ද ඉවත් කෙරිණි. ඉන්පසු 'බාසම්' යනුවෙන් හඳුන්වන රහස්‌ සංයෝගයකින් සිරුර සෝදනු ලැබීය. සෝවියට්‌ සංගමය බිඳවැටෙන තුරු 'බාසම්' යනු කුමක්‌ දැයි කවුරුවත් දැන සිටියේ නැත. බාසම් සොයා ගන්නා ලද්දේ සයිබීරියාවේ විසූ මිනී එම්බාම් කරන්නෙකි. ග්ලිසරින් සහ පොටෑසියම් ඇසිටේට්‌වලින් බාසම් සාදනු ලැබේ. බාසම් ප්රතිකාරයෙන් පසු ලෙනින්ගේ සිරුර තෙත මාත්තු කර ඇඳුම් අන්දා සෙන්ටිග්රේඩ් අංශක 16 ක උෂ්ණත්වයක්‌ යටතේ හා අවට වාතයේ තෙතමනය 80% ක්‌ හෝ 90% ක්‌ යටතේ වීදුරු පෙට්‌ටියක තබා ප්රදර්ශනය කෙරේ. සෑම මාස 18 කට වරක්‌ම සිරුර වීදුරු පෙට්‌ටියෙන් ඉවතට ගෙන එහි ඇති ඇඳුම් ඉවත්කර තවත් ද්‍රාවනයක දමා සෝදනු ලැබේ. මේ ද්‍රා වණය ද රහසක්‌ ලෙස පවත්වාගෙන එන ලද නමුත් දැන් හෙළිදරව් වී ඇත. පොටෑසියම් ඇසිටේට්‌, මද්ය්සාර, ග්ලිසරෝල්, ආසුත ජලය සහ මැලේරියාවට දෙන ක්‌විනින් මේ ද්රාවණයේ අඩංගුය. ක්‌විනින් සාදන්නේ සින්කෝනා ගසේ පොත්තෙනි. පෙර කී සංයෝගයට මෙය යොදා ගත්තේ විෂබීජ නාශකයක්‌ ලෙස ය. පසුගිය වසර 100 ක පමණ කාලයක්‌ තිස්‌සේ ලෙනින්ගේ කටයුතු සඳහා මේ සංයෝග යොදා ගනී.

සාමානයෙන් මළ සිරුරක්‌ දීර්ඝ කාලයක්‌ මෙසේ අමු මට්‌ටමෙන් තබා ගන්නා විට සිරුරේ මුහුණේ සහ අත්වල කළු පැල්ලම් හට ගනී. මෙය ගැන සැලකිලිමත් නොවුණොත් සුළු කාලයක්‌ තුළ මෘත දේහය සම්පූර්ණයෙන් ම කළු පාට වෙයි. මේ නිසා සෑම මාස 18 කට වරක්‌ම ලෙනින්ගේ සිරුර නහවන විට කලු ලප එමින් තිබූ තැන්වල ජලයෙහි දිය කළ ඇසිටික්‌ ඇසිඩ් තවරන ලදී, ශරීරයේ පඨකවල වර්ණය පවත්වා ගෙන යන්නේ හයිඩ්රජන් ෆෙරොක්‌සයඩ් මගිනි. වෙනත් කුඩා ලප කැළැල් ක්‌විනින් හෝ ෆිනෝල් යන විෂබීජ නාශක මගින් ඉවත් කළ හැකිය.

රුසියාව තුළ ලෙනින්ගේ සිරුරට සංකේතනාමයක්‌ ඇත. OBJECT ONE ලෙස එය හඳුන්වනු ලැබේ. දෙවැනි ලෝක යුද සමයේදී ලෙනින්ගේ සිරුර සයිබීරියාවේ ප්රදර්ශනයට ගෙන ගොස්‌ තිබිණි. එහෙත් සයිබීරියාවට බෝම්බ දමන ආරංචියට එය මොස්‌කව් වෙත ගෙනෙන ලදී. 1991 සෝවියට්‌ සංගමය බිඳවැටෙනතුරු ලෙනින්ගේ සිරුර නඩත්තු කළේ ආණ්‌ඩුවේ මුදලිනි. අද පෞද්ගලික දානපතියෝ ඒ සඳහා උපකාර කරති.
 

No comments:

Post a Comment