Monday 15 October 2012

ලංකාවේ ඉදිරි නියං කාල වලට චීනයෙන් කෘත්‍රිම වැසි

රට තුල ඇතිවන ඉදිරි නියං කාලගුණ තත්ත්වයන්ට විසදුමක් ලෙස කෘත්‍රිම වැසි යොදා ගැනිමට රජයේ අවදානය යොමුව තිබෙනවා. ඒ සඳහා චීන රජය සමඟ සාකච්ඡා කළ බවත් මේ වන විට ලැබෙන වර්ෂාවත් සමඟ නියං තත්ත්වය අවසන්ව ඇති බැවින් ඉදිරියේදි එවැනි තත්ත්වයක් නිර්මාණය වුවහොත් ඊට අවශ්‍ය විසදුම් රජය සතු බවයි අපදා කළමනාකරණ අමාත්‍යවරයා පවසා තිබුනේ චීන රජය කෘතිම වැසි නිර්මාණයට අවශ්‍ය සහාය ලබාදිමට කැමැත්ත පළකර තිබේ. මෙලෙස කෘතීම වැසි ලබාගන්නා ක්‍රම කිහිපයක් තිබේ. 2010 වසරේ එක්සත් අරාබ් එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේ අල්-අයින් නම් කාන්තාර ප්‍රදේශයේ කෘතීම ඇතිකිරීම පිළිබඳව නව ක්‍රමයක් ඉතා රහසිගත ලෙස අත්හදා බැලූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස කෘතිම වැසි 50ක් පමණ වස්සවා තිබුණා. මෙම කෘතිම වැසි ව්‍යාපෘතිය සඳහා ඔවුන් ඩොලර් මිලියන 11ක් පමන වැය කර තිබු අතර ඒ සඳහා කුඩයක හැඩයෙන් යුතු විශාල අයනීසර් ඔවුන් යොදාගනු ලැබුවා. එම අයනීසර් මඟින් කාන්තාරයේ දූවිලි අංශු (-) ලෙස ආරෝපනය කර එම අයනීකරණය වූ අංශු ඉහල නංවා ඒවා උපයෝගීකරගෙන වලාකුළු නිමැවුනේ වළාකුලක් දක්නට නොලැබෙන පැහැදිලි අහසක් සහිත කාන්තාර ප්‍රදේශ වලයි.
අයනීකරණය වූ දූවිලි අංශු යොදාගන වලාකුළු නිර්මාණයෙන් අනතුරුව වියලි අයිස් යොදාගන ඒවා ක්ෂණිකව සිසිල් කිරීමෙන් අනතුරුව එම වලාකුළු වලින් වැස්ස ලබාගත හැකිය. බොහෝ කෘතිම වර්ෂා සඳහා යොදාගැනෙන්නේ සෝඩියම් අයොඩයිඩ් හෝ සිල්වර් අයෝඩයිඩ්ය. සාමාන්‍යයෙන් කෘතිම වර්ෂා ඇතිකිරීමේ පියවර තුනකි. පළමු පියවරේදී කෙරෙන්නේ අයනීකරණය වූ අංශු ඉහලය යැවීමයි. මේ සඳහා ගුවන්යානයක සිට ඒවා මුදාහැරීම හෝ රොකර් විදිනයන් ආධාරයෙන් අහසට විදීම කළ හැකිය. අයනීකරණය වූ කුඩා අංශු ලෙස කැල්සියම් ක්ලෝරයිඩ්, කැල්සියම් කාබයිඩ්, කැල්සියම් ඔක්සයිඩ් යන රසායනික ද්‍රව්‍ය යොදාගැනේ. එමෙන්ම යූරියා හා ලුණු මිශ්‍ර කිරීමෙන් හෝ යූරියා සමඟ ඇමෝනියම් නයිට්‍රේට් මිශ්‍ර කර ලබාගන්නා රසායන සංයොගයන්ද යොදාගැනේ.
දෙවන ක්‍රියාවේදී වලාකුළු සෑදීම සඳහා ලුණු, යූරියා, ඇමෝනියම් නයිට්‍රේට් හා වලාකුලේ ඝනත්වය වැඩිකිරීම සඳහා කැල්සියම් ක්ලෝරයිද යොදාගැනේ. මෙම රසායනික ද්‍රව්‍ය හේතුවෙන් වාතයේ ඇති ජලවාෂ්ප කුඩා ජල බිඳිති බවට පත්වේ. අනතුරුව තුන්වන පියවරේදී වලාකුලේ ඇති ජලය ඝනී භවණය කිරීම සඳහා වලාකුළ ක්ෂණිකව සිසිල් කිරීම කළ යුතුය. ඒ සඳහා වියලි අයිස් හා සිල්වර් අයිඩයිඩ් යොදාහැනේ. සිල්වර් අයොඩයිඩ් වියදම අධික වන අතර සොලිඩ් කාබන් ඩයොක්සයිඩ් හෙවත් වියලි අයිස් යොදාගැනීම ඊට වඩා ලාභදායකය. කුඩා අංශු සහිත සෝඩියම් ක්ලෝරයිඩ්ද යොදාගනී. එවිට වලාකුළි වැස්ස බවට පත්වේ. ස්වභාවධර්මය වෙනස්කරන ක්‍රියාවලියක් නිසා මෙය සිදුකිරීමටත්, පාලනය කිරීමටත් මනා පුහුණුවක් සහිත ආ අත්දැකීම් සහිත පුද්ගලයන් සිටීම අත්‍යාවශශ්‍ය කරුණකි. එම අවස්ථාවේ තිබෙන කාලගුණ තත්ත්වය, භූ විෂමතාව හා සුලඟේ වේගය මත එක්කරගන්නා රසායනික ද්‍රව්යයේ වර්ගය හා ප්‍රමාණය තීරණයවේ. මෙම කෘතිම වැසි හේතුවෙන අනාගතයේ ඇතිවිය හැකි පාරිසරික බලපෑම් පිළිබඳව තවමත් අනාවැකි පල කල නොහැක.

No comments:

Post a Comment