Friday 10 August 2012

බ්‍රිතාන්‍යයේ නිකොලාට ඓතිහාසික ජයක්

බ්‍රිතාන්‍යයේ නිකොලා ඇඩම්ස් ඔලිම්පික් උළෙලක කාන්තා බොක්සිං අංශයේ රන් පදක්කමක් දිනූ ලොව පළමු ක්‍රීඩකාව ලෙස වාර්තා අතරට එක්වූවා ය. බොක්සිං කාන්තා ඉසව්ව ඔලිම්පික් උළෙලකට පළමු වරට ඇතුළත් වන්නේ, මෙවර ලන්ඩන් ඔලිම්පික් උළෙලේදීය. ඒ අනුව කාන්තා බොක්සිං 51 බර පන්තියේ අවසන් තරගය පැවැත්වූණේ, එහි ලෝක ශූර චීනයේ රෙන් කැන්කැන් සහ බ්‍රිතාන්‍යයේ නිකොලා ඇඩම්ස් අතර යි. තරගය ආරම්භයේ සිට අවස්ථා 3 කදී ලෝක ශූරතාව දිනූ කැන්කැන් 4ට 2ක් ලෙස පළමු වටයේදී පරාජය වූවාය. ඇඩම්ස් දෙවැනි සහ තෙවැනි වට ජය ගත්තේ, ලකුණු 5ට 2ක් සහ 5ට 1ක් ලෙසිනි. අවසන් වටයේදී දෙදෙනාම ලකුණූ 2 බැගින් රැස් කළෝය. ඒ අනුව නිකොලා අඩම්ස් ලකුණු 16ට 7ක් ලෙස තරගය ජය ගනිමින් ඔලිම්පික් උළෙලක කාන්තා බොක්සිං අංශයේ රන් පදක්කමක් දිනූ ලොව පළමු ක්‍රීඩකාව ලෙස වාර්තා අතරට එක්වූවා ය.

No comments:

Post a Comment